Lost Season 4
කතාව ගැන පොඩි හැදින්විමක් කරන්නම් මුල්ම සිසන් එකෙන් පෙන්වන්නේ මෙයාලා අනතුරට පත්වුන එක ගැනයි..මෙයාලගේ ජිවිත වල කලින් මේ අය මොන වගේ අයද කියන එක ගැනයි...ඒ වගේම කැලේ මැද්දෙන් මේ අයට හමුවෙන අරුම පුදුම උමග ගැනයි...දෙවැනි කතාව සම්පුර්ණයෙන්ම ගියේ අර හොයා ගත්ත හැච් එක ගැන. දෙවැනි සිසන් එක ඉවර වෙන්න ඒ හැච් එක කුඩුපට්ටන් වෙන්න පුපුරලා. තුන්වැනි සිසන් එක පටන් ගද්දි මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ ඉදලා තියනවා. ඒ අයට තවත් දුපතේ ඉන්න කට්ටියක් හම්බවෙනවා. තුන්වැනි සිසන් එක පුරාම ගොඩ නැගෙන්නේ දුපතේ ඉන්න "The Others" එහෙමත් නැත්නම් "අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්".ගැන. දැන් බලමු හතරවෙනි කතාවේ මොකද වෙන්නේ කියලා.
ඒ වගේම මතක් කරන්න ඕන මේ කතාමාලාවේ අපි දැක්ක ගොඩක් චරිත කතාවෙන් සමුගනිවි. වැඩිය කියන්න ඕන නැහැ මෙන්න හතරවැනි කතාව ගැන පොඩි හැදින්විමක්. මේ වෙන තෙක් පැමිණි ලොස්ට් කතාමාලාවේ යම් කිසි මධ්‍ය හැරවුමක් සීසන් 4 එකෙන් ඔබට ලැබේවි. සියලූම සිද්ධී සමඟ සන් සන්දනය කරලා බලනකොට මේ දූපත ගැන ඔයාලාට මේ පාර කතාමාලාවේදි හොද අදහසක් ලැබෙන්න ගනීවි. ඉතින් ලොක් නයෝමි ට පිහියෙන් දමලා ගහන සිද්දියෙන් තමා මෙදාපාර කතාව ඇවලීගෙන යන්නේ. මොකද මං හිතන විදිහට මෙදාපාර කතාමාලාවේ වැදගත් වෙන්නේ ජැක්ට වඩා ලෝක් තමයි. ලෝක් හා බෙන් අලුතෙන් කතාමාලාවට එකතුවන චරිත බවයි මගේ අදහස.
ඒ වගේම "ජෙකොබ්" කියන්නේ කවුද ? අර කළු දුමාරය මොකක්ද ? ඒ වගේම ඒ නයෝමි ගේ නැවේ අයගේ නියම පරමාර්ථය කුමක්ද ? ඉතින් මේ ගේ කතාමාලාව පුරාවටම තිබුනු කුතුහලට මේ පාර සීසන් එකේදි ඔයාලාට දැනගන්න පුළුවන් වෙයි. ඒ වගේම පස්වැනි කතාමාලාව නම් ඉක්මනින්ම අනිවාර්යෙන් දෙන පොරොන්දුව පිට සමුගන්නවා. "මේක නිකන්ම දුපතක් නෙවේ , මේක ප්රාතිහාර්ය සිද්ද වෙන තැනක්" -ජෝන් ලෝක්

Comments
Post a Comment