Lego City Adventures Season 1



7.9/10
IMDb


ලෙගෝ නගරයට ඔබව සාදරයෙන් පිළිගන්නවා!! ලෙගෝ නගරය තුල සිදුවන ලෙගෝ සුපිරි වීරයන්ගේ අපූරු ක්‍රියාදාම කතා මාලාවකි. සම්පූර්ණයෙන්ම පරිගණක ඇනිමේශන් වලින් නිර්මාණයවී ඇති මෙමෙ කතා මාලාව ඉතාම විනෝද ජනක සහ ඉතාම ජනප්‍රිය කතාමාලාවකි මෙය නිශ්පාදනය කර ඇත්තේ ලෙගෝ සමාගම විසින් වන අතර imdb rating 7 අගය ඉක්මවූ ටෙලි කතා වකි.

Welcome to LEGO City. A modern metropolis filled with the fiercest firefighters, the cream of the crop cops, and so many BLOCKHEADS. Every citizen will assemble together for the most awesomely awesome adventures.







13 Hours Movie



7.3/10
IMDb


සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක. හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්. බලන්න ඇති නෙව ආර්ගෝ…  2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ… ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද… කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්. හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ. නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා, ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්.  මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා… ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා. නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්‍රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන.. මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක් යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock  කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ… ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා. ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව. ලගදි කිව්වට මේක ආවේ නම් ජනවාරි 15 වැනිදා. මේක මම නම් ගත්තේ මගේ 150 වැනි උපසිරැස වෙනුවෙන් ඔබ වෙත ගෙන එන්න නමුත් ඉතින් කිසිම කොපියක් ආවේ නැහැ නෙව. මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්‍රන්ථය ආදාරයෙන්. තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්. මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි. 
 
Libya, 2012. At an unofficial CIA base in Benghazi a group of ex-military contractors are providing security. In the aftermath of Gaddafi's downfall a power vacuum exists and the climate is volatile. Military weapons are freely available. The US Ambassador to Libya, Chris Stevens, makes a visit to the area, staying in a compound near the CIA base. On the night of 11 September, 2012, the Ambassador's compound is attacked by hordes of heavily armed locals. The only forces willing and able to defend it are six CIA contractors.

Harry Potter and the Sorcerer's Stone Movie



7.6/10
IMDb


බ්‍රිතාන්‍ය ලේඛිකාවක වන J.K. Rowling විසින් රචිත නවකතාවක් ඇසුරෙන් මෙය නිර්මාණය කර ඇත.2001 වර්ෂයේ නොවැම්බර් මස 16වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය නම් කරලා තිබෙන්නේ Harry Potter and the Sorcerer’s Stone නමිනි. Adventure, Family, Fantasy කියන ගණයට අයත් වන මෙම චිත්‍රපටය IMDb ශ්‍රේණි දර්ශකයේ 7.6ක අගයක් ලබාගන්න සමත් වෙලා තිබෙනවා.

This is the tale of Harry Potter (Daniel Radcliffe), an ordinary eleven-year-old boy serving as a sort of slave for his aunt and uncle who learns that he is actually a wizard and has been invited to attend the Hogwarts School for Witchcraft and Wizardry. Harry is snatched away from his mundane existence by Rubeus Hagrid (Robbie Coltrane), the groundskeeper for Hogwarts, and quickly thrown into a world completely foreign to both him and the viewer. Famous for an incident that happened at his birth, Harry makes friends easily at his new school. He soon finds, however, that the wizarding world is far more dangerous for him than he would have imagined, and he quickly learns that not all wizards are ones to be trusted.

Machan (මචන්) Movie



7.9/10
IMDb


මේ සිදුවීම සිදුවන්නෙ 2004 වසරේ. ශ්‍රී ලංකාවේ හෑන්ඩ් බෝල් කණ්ඩායමකට ක්‍රීඩා කිරීමට ජර්මනියට ආරාධනා කර ජර්මනියේ හෑන්ඩ්බෝල් සංගමය අන්තර්ජාලයේ දැන්වීමක් දමනවා. යම් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙය දකිනවා. හෑන්ඩ්බෝල් ක්‍රීඩාව කිසිම දිනෙක සිදු නොකල ඔහුන් හෑන්ඩ්බෝල් කණ්ඩායමක් හදනවා. ඔහුන්ගේ අරමුන වෙනත් එකක්. අවසානයේ ඔහුන් ජර්මනියට යනවා. ජර්මානු ජාතික කණ්ඩායම සමග හෑන්ඩ්බෝල් තරගයකද නිරත වනවා. අවසානයේ ඔහුන් තමන්ගේ අරමුණ වෙත යනවා. ලොව මහත් ආන්දෝළනයකට ලක් වූ , මචන් චිත්‍රපටයට හේතු වූ සත්‍ය කතා පුවතයි . ඔහුන් කළ දේ හරි හෝ වැරදි හෝ සිය පවුලේඅයට හා ආදරණීයන්ට වඩා යහපත් ජීවිතයක් ගත කිරීමට ඔහුන් කිසිවෙකුට සිතාගත නොහැකි සැළසුමක් සකස් කර එය සාර්ථක කර ගත්හ.

A group of desperate slum dwellers, living on the margins of society under impossible pressures, find an invitation to a handball tournament in Bavaria to be the answer to their prayers, a one way ticket to the West and the wealth that will solve all their problems.



Thanamalvila Kollek Season 1



9.8/10
IMDb


නූතන වෙළෙඳපොළ බලවේගයන් මඟින් හසුරවන්නා වූ ගමක වෙසෙන තරුණයෙකි. ඔහුගේ නම දීප්තය. දීප්ත ක්‍රමයෙන් නාගරික සංස්කෘතියේ වාණිජ වටිනාකමක් සහ සිවිල් බලයක් සහිත චිත්‍ර ශිල්පියකු බවට පත් වේ. ඔහුගේ කලා ජීවිතයේ කූටප්‍රාප්තිය සනිටුහන් කරමින් ඔහු විසින් නිර්මිත කලා කෘතීන් අන්තර් ජාතිකව ඇගැයුමට ලක්වේ. එම සම්මානනීය උණුසුම සමඟ විදෙස්ගතව සිටින අවකාශයක දීප්තට තම පියාගේ ජීවිත සමු ගැනීමේ පණිවුඩය ලැබේ. එම මරණයේ හැඟීම ඔස්සේ අතීත ස්මරණයන් සමඟ දීප්ත තනි වේ. එම මතක පරිච්ඡේදයන් දිග හැරීමයි තණමල්විල කොල්ලෙක් ටෙලි සිතුවම ඔබ වෙත ගෙන එන්නේ. සම්මානනීය රංගන ශිල්පී රොෂාන් රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි සිතුවම සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8 ට විකාශය වේ.

තණමල්විල කොල්ලෙක් නළු නිළියෝ

හේමසිරි ලියනගේ, යශෝධා විමලධර්ම, දසුන් පතිරණ, ධනුක දිල්ශාන්, සුරාජ් මාපා, ප්‍රිමා ලියනගේ, සුලෝචනා වීරසිංහ, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද කුමාර උන්නැහේ, විශ්වජිත් ගුණසේකර, අංජන ප්‍රේමරත්න, සූර්යා දයා රුවන්, සේවියර් කනිෂ්ක, නිලංක දහනායක, දිලිප් කුමාර, තිලක්ෂණි රත්නායක, කසුනි කාවින්දි, කලණි දොඩන්තැන්න, ශ්‍රීමාලි ෆොන්සේකා, ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි, චන්දි රණතුංග, ගීතා අලහකෝන්, මංජු ශ්‍රී, සමන් පුෂ්ප ලියනගේ, චාමර ප්‍රියදර්ශන, ප්‍රියන්ත ප්‍රභාත්, දයා වයමන්, බන්දුල සූරිය බණ්ඩාර, වසන්ත පූර්ණවංශ, ධනංජය සිරිවර්ධන (ගරු රඟපෑම්) ගිහාන් ප්‍රනාන්දු (ගරු රඟපෑම්)

Koombiyo Season 1



9.6/10
IMDb


කූඹියෝ හි කතාව දිගහැරෙන්නේ පවුලේ කිසිවෙකුත් නොමැති, කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වෙන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය. ඔහුට හිරුණි සහ ප්‍රියන්ත මහඋල්පතගම බසයක් තුල දී අහම්බෙන් හමුවේ. ප්‍රියන්ත කොළඹට පැමිණෙන්නේ රැකියාවක් සොයාගෙන වන අතර ජෙහාන් විසින් ඔහුට රැකියාවක් ලබා දේ. නීතිවිරෝධී ලෙස ජෙහාන් විසින් පවත්වාගෙන යන "purchasing Lanka" හි රැකියාව කරගෙන යන විට ප්‍රියන්ත හා ජෙහාන් මිතුරන් බවට පත්වේ. නමුත් ටික කලකින්ම පාරිභෝගිකයෙක් විසින් කල පැමිණිල්ලක් මගින් ව්‍යාපාරය රජයේ නිළධාරීන්ට හසුවේ. පසුව දැනගනට ලැබෙන පරිදි එම පාරිබෝගිකයා වන්නේ ජෙහාන්ගේ විශ්ව විද්‍යාල මිතුරියක් වන අංජනා (ඇංජි)ය. ඊට පසු ජෙහාන් සහ ප්‍රියන්ත විසින් පැල්පත්වාසී රැකියා විරහිත තරුණ පි‍රිසක් යොදාගෙන බස් රථ තුල සඟරා විකිනීමේ ව්‍යාපාරයක් අරඹන අතර එහි නායකයා ලෙස යොදාගන්නේ ජූඩ් නැමති හයිරංකාරයෙකි. නමුත් එයද අසාර්තක වන්නේ ජූඩ් විසින් බස් කොන්දොස්තරවරයෙක් සමග ඇතිකරගන්නා රණ්ඩුවක් සමගිනි.

Peaky Blinders Season 1



8.8/10
IMDb


“Peaky Blinders” කියන්නේ BBC නාලිකවේ 2013 වර්ෂයේ ඉඳන් තිරගත වීම ඇරඹුනු සුපිරි කතා මාලාවක්. “Historical Fiction, Action, Crime, Drama කියන කාණ්ඩ වලට මේ කතාව අයත් වෙනවා. පලවෙනි ලෝක යුද්දයට සහභාගි වෙලා,යුධ වීරයෙක් විදියට ඇවිත් ඉන්න තෝමස් ෂෙල්බි තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. ඔහු එංගලන්තයේ බර්මින්හැම් වල Small Heath ප්‍රදේශය මුල් කරගෙන “Peaky Blinders” කියලා කල්ලියක් පවත්වා ගෙන යනවා. මෙයාලට රේස් ඔට්ටුපලක් තියෙනවා. මේකට අමතරව මෙයාලා නීති විරෝධි වැඩ කරලා “Small Heath” ප්‍රදේශයේ රජ කර ගෙනයි ඉන්නේ. තමන්ගේ ව්‍යාපාර දියුණූ කර ගන්න තෝමස් ෂෙල්බි කරන දේවල් මේ සීසන් එක පුරාවට දැක ගන්න පුලුවන්. නොහිතපු වෙලාවක තෝමස් ෂෙල්බිගේ රාජධානියට අමුත්තෙක් එනවා.එතනින් තමයි හැමදේම පටන් ගන්නේ.

මේ සීසන් එක පුරාවට අපිට IRA සහ BSA කියන වචන දෙක ඇහෙනවා. ඒ දෙකේ තේරුම දැනන් ඉන්න එක කෝකටත් හොඳයි. IRA කියන්නේ Irish Republican Army කියන එකයි.මෙයාලා අයර්ලන්තය බ්‍රිත්‍යානයෙන් වෙන් කරගන්න සටන් කරපු කට්ටියක්.ෆෙනියන්ලා කියන්නේ මෙයාලටමයි.

BSA කියන්නේ Birmingham Small Arms.මේක 1861 අවුරුද්දේ ආරම්භ කරපුු කර්මාන්තශාලාවක්. ආයුධ,මෝටර් රථ,යතුරු පැදි වගේ දේවල් මෙතන නිපදවලා තියෙනවා.